සිසූන්ට පුහුණුවීම සඳහා අභ්‍යාස
අභ්‍යාස 1
- ABCDEF යනු පන්චාශ්‍රයකි. AB, CB, DC, DE මගින් p,q, r, හා s දෛශික නිරූපණය කරයි. EA,AC, AD, මගින් නිරූපණය වන දෛශික p,q, r, හා s ඇසුරින් සොයන්න.
- ABCDEF යනු සවිධි ෂඪශ්‍රයකි.මෙහි BC=b හා ED= a වේ. අනිත් පාද මගින් නිරුපණය වන දෛශික a හා b ඇසුරින් සොයන්න.
3. LMNOP යනු පංචාශ්‍රයකි.
(i)LM, MN, හා NO වල
(ii)MN හා LM වල
(iii) LM-LP වල
සම්ප්‍රයුක්තය සොයන්න.
4. PQRS යනු ඍජුකෝනාශ්‍රයකි. පහත දැක්වෙන කොටස් වලින් සත්‍ය වන්නේ කුමක්ද?
(a) QR – SP = 0
(b)QS =PR
(c)PQ+ QR = RP
(d)PQ +RS = 0
(e)PQ +QR = RS+ SR
(f)PR+ RS = PS
5. ABCD චතුරශ්‍රයේ AB=DC හා BC+DA= 0 වේ. ABCD සමාන්තරශ්‍රයක් බව ඔප්පු කරන්න.
6.ABC නම් සම ද්විපාද ත්‍රිකෝණයේ AB=BC සහ D යනු AC වල මධ්‍ය ලක්‍ෂය වේ. BA+BC = 2BD බව පෙන්වන්න.
7.සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්චේදනය කරන බව දෛශික ඇසුරින් පෙන්වන්න.
අභ්‍යාස 2
- ABC ත්‍රිකෝණයේ BC ට සමාන්තරව PQ ඇඳ තිබේ.PQ මගින් AB හා AC පාද P හා Q හිදී චේදනය වේ. දෛශික ඇසුරින් AP/AB= AQ/AC බව පෙන්වන්න.
2.P, Q, R යන ලක්ෂ්‍ය වල පිහිටුම් දෛශික p, q, r වේ. මෙහි p= p1i+p2j, q= q1i+q2j , r= r1i+r2j වේ.PQ, QR, හා RP දිග සොයන්න.
3. (i) p= 2i+3j, q= 3i-4j හා r= -2i +5j නම්
(a) p+q+r
(b) 2p-q+3r
(c) p+2q -7r
සොයන්න.
(ii p, q හා r ඔස්සේ ඒකක දෛශික සොයන්න.